දිවියන් හේතුවෙන් කොටගලට බියක්


කොටගල ප්‍රදේශයේ සැරිසරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසන ලද්දේ දැනට දින කිහිපයක් කිහිපයක් පමණ සිට මෙම ප්‍රදේශය තුළ දිවියන් සැරිසරන බවත් මෙම තත්ත්වයන් මත තමන් දැඩි බියකින් පසුවන බවත්ය.

මෙම දිවියන් රාත්‍රී කාලයේ තම නිවස අසලටම පැමිණෙන බවත් මෙම තත්ත්වයන් මත රාත්‍රී කාලයේ හදිසියකට හෝ නිවසින් එළියට බැසීමට නොහැකි තත්වයක් මේ වන විට පවතින බව ඔවුහු පවසති.

මේ වන විට තම නිවෙස් වල ඇති කරන බල්ලන් කුකුළන් වැනි සතුන් හිටි හැටියේම අතුරුදහන් වන බවත් එසේ අතුරුදහන් වන සතුන් මෙම දිවියන් විසින් රැගෙන යන බවට විශ්වාස කරන බවත් මෙම දිවියන්ගෙන් තමන්ට අනතුරක් සිදුවීමට පෙර මෙම දිවියන් අල්ලා රක්ෂිතයට රැගෙන යන ලෙසත් වනජීවි නිලධාරින් ගෙන් ඉල්ලා සිටින බව එම පිරිස වැඩි දුරටත් පවසති

දිවයින

Werzuo Digital

Leave a Reply