ගැබිනි මව්වරුන්ට යළිත් කොවිඩ් රතු එළියක්

ගැබිනි මව්වරුන්ට යළිත් කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවණතාව දක්නට ලැබෙන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ සමාජයේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ ගැබිනි මවුවරුන්ට ද කොවිඩ් ආසාදනය වීමේ වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

එම නිසා ගැබිනි මව්වරු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් එන්නත් ලබා නොගත් මව්වරුන් කඩිනමින් කොවිඩ් එන්නත ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

එන්නත ලබා ගැනීම තුළින් ඔවුන්ට ඇති වන සංකූලතා අවම වන බව ද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

එසේම මහජනතාව ගැවසෙන ස්ථානවලට සහ සාදවලට යාමෙන් වළකින ලෙසද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති මහාචාර්ය සනත් ලැනරොල් ගැබිණි මව්වරුන් ඉල්ලීමක් කරයි.  

Werzuo Digital

Leave a Reply