ජපානයෙන් ශ්‍රී ලංකාවට මිලියන 300ක වෛද්‍ය උපකරණ

කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා රුපියල් මිලියන 300 (කෝටි 30) පමණ වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ.
එම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් භාර දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ශ්‍රී ලංකා ජේෂ්ඨ නියෝජිත තකෂිමා කියොෆුමි යන මහත්වරුන් විසින් සෞඛ්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) පැවසීය.
ඒ අනුව එම වෛද්‍ය උපකරණ තෙල්දෙණිය මූලික රෝහල, වරකාපොල, වැලිකන්ද,  පිඹුර, නාවලපිටිය, හිඟුරක්ගොඩ, කරනවැල්ල, අවිස්සාවෙල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික් රෝහල් සඳහා බෙදා දීමට නියමිතය..


Werzuo Digital

Leave a Reply