ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට පිහි ප්‍රහාරයක්

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පුද්ගලයෙකු විසින් අද (21) දහවල් පිහියෙන් ඇන ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
සිසුවියගේ උදර ප්‍රදේශයට පිහි පාර වැදි ඇති අතර ඇය වහාම කරාපිටිය රෝහලට ඇතුලත්  කර ඇත. පසුව ශල්‍යකර්මයක් කිරිම සඳහා සිසුවිය ශල්‍යාගාරයට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම සිසුවිය අද පැවති විභාගයකට පෙනි සිටිම සඳහා ලබුදුවට පැමිණ ඇත.
පිහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මෙය ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන්  සිදුවන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි. 
සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා අක්මිමණ පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ. 
Werzuo Digital

Leave a Reply