ජපානයේ ප්‍රබල භූ චලනයක්

නැගෙනහිර ජපානයේ Shikoku නගරයට ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුහුදේ කිලෝමීටර් 41 ගැඹුරින් මෙම භුචලනය හට ගෙන ඇති බවත් මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ අංශ හා පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන බවත් එම වාර්තා සදහන් කලේය 
මෙම භූ චලනය ජපානයේ කොබේ නගරය ඇතුළු අවට නගර කිහිපයකට දැනී තිබෙන බවද එම වාර්තා සදහන් කලේය 
මෙම භූචලනය හේතුවෙන්  සිදු වූ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබි නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේය. 
Werzuo Digital

Leave a Reply