ශ්‍රි ලංකාවේ ඩෙංගු අවදානමක්

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක රැසක ඉකුත් දින 21 තුළ ඩෙංගු රෝගීන්ගේ 5723 දෙනකු වාර්තා වීම නිසා ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කළේය. 

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 1,506ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1,195ක් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 460ක්ද, මහනුවර 250, ගාල්ල 287, කුරුණෑගල 365, පුත්තලම 339ක් වශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්ක බවත් සෙසු දිස්ත්‍රික්කවලින් රෝගීන් 1321 දෙනෙක් හමුවී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ලැබෙන තොරතුරු අනුව ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් වැලඳීමේ දැඩි අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply