වරාය නගරයේ ඡායාරූප ගැනීමේදී පොදු ජනතාවගෙන් මුදල් අය කිරීමක් නැහැ


කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පොදු ජනතාවගෙන් එම ස්ථානය ඡායාරූප ගැනීමේදී කිසිදු මුදලක් අය නොකරන බව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා පැවසීය.

වරාය නගරයේ ඡායාරූප ගැනීමේදී සහ වීඩියෝ ගත කිරීමේදී මුදල් අයකිරීමක් ප්‍රසිද්ධ කිරීමක් සම්බන්ධව විවිධ මාධ්‍යයන් ප්‍රචාරය වන කරුණක් පිළිබඳ විමසීමේ දී සෙනරත් මහතා එසේ ප්‍රකාශ කළේය.


මුදල් අය කරන්නේ වාණිජ පරමාර්ථයෙන් වෘත්තිමය ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම සඳහා පමණක් බව ප්‍රකාශ කළ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ මංගල ඡායාරූප ගතකිරීම්, උපන්දින හෝ විවිධ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් වාණිජ මට්ටමින් කිරීම හේතුවෙන් මෙය නැරඹීමට පැමිණෙන ජනතාවට බාධාවක් කරදරයක් වන ආකාරයට ඒවා කිරීම බවද පැවසීය. වාණිජ, වෘත්තිමය පරමාර්ථයෙන් කටයුතු කරන අයට තෝරාගත් වෙලාවක් දෙන බව ද සෙනරත් මහතා පැවසීය.
දිනමිණ 
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් නිකුත් කල නිවේදනය 👇
Werzuo Digital

Leave a Reply