මිලියන 24 කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට (PHOTOS)

නාවික හමුදාව සහ  පොලිසිය ඊයේ (21) රාත්‍රියේ යාපනය, චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් රුපියල් මිලියන 24ක් වටිනා කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ

නාවික හමුදාව  සහ කන්කසන්තුරෙයි පොලිසිය එක්ව  යාපනය චුලිපුරම් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කර තිබේ එහිදී එම නිවස තුල කේරළ ගංජා තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 24කට අධික බවද නාවික හමුදාව පැවසීය  

සැකකරු සහ කේරළ ගංජා ඉදිරි කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිසිය වෙත භාර දී තිබේ.

Werzuo Digital

Leave a Reply