ළමා ඡායාරූප අයථා ලෙස යොදන Facbook පිටු ගැන වහාම දැනුම් දෙන්න

ළමයින්ගේ ඡායාරූප යොදාගෙන අයථා අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා පවත්වාගෙන යන “ෆේස්බුක් පිටු” ගැන ‘1929’ ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගැහැනු ළමයින්ගේ ඡායාරූප ඇතුළත් ෆේස්බුක් පිටුවක් ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව මෙවැනි තීරණයක් ගත් බව එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසීය..

ලැබුණු පැමිණිල්ලට අනුව අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන තරුණයාගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශයක් සටහන් කරගත්තේ යැයිද ඉන්පසුව සැකකරුගේ පරිශ්‍රය පරීක්ෂා කර එහි තිබූ සැකකටයුතු උපකරණ අධිකාරියේ භාරයට ගත්තේ යැයිද සභාපතිවරයා කීය. 

අනතුරුව එම අධිකාරිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට කළ දැනුම්දීමෙන් පසු අදාළ ෆේස්බුක් පිටුව අක්‍රිය කළේ යැයි ද අමරසිංහ මහතා කීය.

මෙම සිදුවීම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අලුත්කඩේ අංක 6 දරන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ යැයිද අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මව්බිම 

Werzuo Digital

Leave a Reply