යක්කලමුල්ලේ දෙපිරිසක් අතර බූරුපිටි ආරවුලකින් 06 රෝහලේ

මළ ගෙදරක බූරුවා ගැසිමට ඉඩ නොදිම නිසා දෙපාර්ශ්වයක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනකු ඇතුළු  පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු පෙරේදා (24) රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව යක්කලමුල්ල පොලිසිය  පවසයි.
කොට්ටව ප්‍රදේශයේ පිහිටි මළ ගෙදරකට ගිය පිරිසක් බූරුවා ගැසිමට සුදානම්වු අවස්ථාවේ නිවැසියන් එයට ඉඩදි නැති බවත් පසුව එයට උරණවු පිරිස සහ මළ ගෙදර සිටි පිරිසක් අතර බහින්බස් විමකින් පසු මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇති බව අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
මෙහිදි පහර කෑමට ලක්වු පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව මවක් සහ දියණියක් ද රෝහල් ගතව ඇත.
සිද්ධිය වාර්තාවිමත් සමග අක්මීමණ පොලිසියෙන්ද අමතර පොලිස් කණ්ඩායම් ගෙන්වා ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරිමට පියවර ගෙන තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. 
Werzuo Digital

Leave a Reply