පිළිකා මාරයාට පැරදී ජිවිතයෙන් සමුගත් බැඩ්මින්ටන් ශුරිය

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඕෂධී කුරුප්පු ඊයේ (08) අභාවප්‍රාප්ත වී තිබේ.

වසර කිහිපයක් තිස්සේ ලියුකේමියා රෝගයත් සමග සටන් කළ ඇය මිය යනවිට ඇය 27 වැනි වියෙහි පසු විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කරමින් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ඕෂධී, එහි කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත්තාය.

එමෙන්ම ඕෂධී හට 2016 වසරේ පැවති ආසියානු බැඩ්මින්ටන් කණ්ඩායම් ශූරතාවය සහ 2017 වසරේ පැවති Summer Universiade තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකාවක වෙයි.

වසර 2019 වසරේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විශේෂ විද්‍යාවේ දී උපාධිය හැදෑරු ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි සිසුවියකි.

Werzuo Digital

Leave a Reply