මියගිය යාචකයාගේ සාක්කුවේ ලක්ෂ හතරක මුදලක්

හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි 69 හැවිරිදි අයකු ඊයේ (10) දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහලට පෙරලි ගොස් මෙලෙස මියගොස් තිබුණි.

හක්මන නගරයේ සිගමන් යදිමින් ජිවත්වූ ඔහු මියයන විටත් කුඩා නිවසක තනිවම ජිවත්වී තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හදිසි  මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ මරණකරු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් හමුවු බව හක්මන පොලිසිය පවසයි.

මියගිය අයට කිසිදු ඥාතියකු එම ප්‍රදේශයේ නොමැති අතර හක්මන නගරයේ සිගමන් යදිමින් ජීවිකාව ගෙනගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.

මියගිය අයගේ සිරුර හමුවු ස්ථානය අසල ඇති ඔහු පදිංචිව සිටි කුඩා නිවස පරික්ෂාකළ නිලධාරිහු එහි තිබු දැඩි ලෙස කළු පැහැ ගැන්වි ඇති කොට කලිසමක් පරික්ෂා කිරිමේදී එහි රහස් සාක්කු කිහිපයක තිබි මෙම මුදල් සොයා ගෙන ඇත

හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී ගලගම මහතා විසින් මිය ගිය අයගේ හදිසි මරණ පරික්ෂණය සිදුකර ඇති අතර ඔහුගේ මරණ පරීක්ෂණයේදි සාක්සි ලබාදිමට කිසිවකුත් ඉදිරිපත් වි ද නොමැත.

හදිසි මරණ පරික්ෂකවරා ඉදිරියේදී එලෙස සොයාගත් රුපියල් 5000, 1000, 500, 100, 50, 20,10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු සහ විවිධ අගයන්ගෙන් යුත් කාසිවල වටිනාකම ගණනය කර ඇති අතර ඒ අනුව මෙම මුදල ඔහු ලග තිබි ඇතැයි පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply