ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව Lamiaceae ශාක කුලයට අයත්, 𝐶𝑜𝑙𝑒𝑢𝑠 ශාක ගණයේ නව ශාක විශේෂයක් සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
2024 පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ (DNBG) ජාතික ශාකාගාරය විසින් ,ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ මෙහෙයවනු ලැබූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම සොයා ගැනීම සිදු කරන තිබේ.
සුමේධා අබේසේකර, ඕ.එම්.කසුනිකා, නිශාන්ති හළුවන සහ නදුන් නිලංක යන පර්යේෂකයින් පිරිසක් විසින් මෙම නව ශාක විශේෂය සොයාගෙන තිබේ.
2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ.
𝐶𝑜𝑙𝑒𝑢𝑠 ℎ𝑎𝑘𝑔𝑎𝑙𝑒𝑛𝑠𝑖𝑠 Abeysekara, Kasunika, Haluwana & Nilanka 𝑠𝑝.𝑛𝑜𝑣 නමින් මෙම නව ශාක විශේෂය උද්භිද විද්‍යාත්මකව නම් කර තිබේ.
ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳ ප්‍රධානතම ජාත්‍යන්තර සඟරාවලින් එකක් වන Phytotaxa සඟරාවේ මෙම ශාක විශේෂය ප්‍රකාශයට පත් කර ඇත.