ගාලු කොටුවේ One Way ඉවත් කළත් පැරණි කොටු දොරකඩින් පිටවිය නොහැකි බවට චෝදනා

සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (one way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම ඉකුත් (04) වනදා සිට අත්හිටුවීමට තීරණය කලද තවමත් ගාලු කොටුවේ පැරණි දොරකඩින් වාහන පිටව යාමට නොදෙන බව රියදුරන් පවසයි.

ඒ අනුව පැරැණි කොටු දොරකඩින් ඇතුල්වීම පමණක් සිදු කළ යුතු බවත් පිටවීම සඳහා අලුත් කොටු දොරකඩ භාවිතා කළ යුතු බව ඔවුහු පවසයි.

මෙම නීතිය ගෙන ඒමට ප්‍රථම ගාලු කොටු පවුර තුළට පැරණි දොරකඩින් සහ අලුත් දොරකඩින් ඇතුළුවීම හා පිටවීම සිදුකළ බවත් උදෑසන කාර්යාල, පාසල් වේලාව තුළ සහ දහවල් පාසල් වේලාව තුළ පමණක් පැරණි දොරකඩින් සියලු වාහන ඇතුල්වී අලුත් දොරකඩින් පිටවීම සිදුවූ බව ඔවුහු පවසති.

නමුත් පැරණි දොරකඩින් වාහන පිටවීමට අවසර නොදීම නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රි රෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු , ව්‍යාපාරිකයින් ඇතුලු කොටුවට පැමිණෙන මහජනතාව පවසයි.

එම නිසා කලින් තිබූ පරිදිම කොටු දොරකඩ දෙකෙන්ම වාහන ඇතුළු විම හා පිටවීමට අවසර ලබා දෙන ලෙසත් උදෑසන කාර්යාල හා පාසල් වේලාව තුළ සහ දහවල් පාසල් වේලාව තුළ පමණක් එක් මං තීරු නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

Werzuo Digital

Leave a Reply