මත් උවදුරට එරෙහිව ජනාධිපති හමුවිමට පාපැදියෙන් කාත්තන්කුඩිය සිට කොළඹට එන සිසුවිය

වත්මන් සමාජය ගිලගන්නා මත් උවදුරට එරෙහිව සහ ළමා අපචාරවලට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් බාර දීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් කාත්තන්කුඩියේ සිට කොළඹට පැමිණීම සඳහා ඊයේ (07) පාපැදියෙන් ගමනක් ආරම්භ කළේය.

නමය වසරේ ඉගෙනුම ලබන ෆාතිමා නදා නැමැති 14 හැවිරිදි මෙම දැරිය මෙලෙස මෙම ගමන ආරම්භ කර තිබේ.

පාපැදියෙන් ගමන් ගන්නා ෆාතිමා නදා සිසුවිය කාත්තන්කුඩි නගරයේ සිට පොළොන්නරුව කුරුණෑගල හරහා ලබන ඉරිදා (13) කොළඹට දින 07ක් තුල පැමිණීමට අපේක්ෂා කරන බව ඇය පවසයි.

සමාජයට දිනෙන් දින පිළිලයක් වන වත්මන් ළමා හා තරුණ පරපුර ගිල ගන්නා මත් උවදුර වැළැක්වීමට සහ ළමා අපචාර වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම සංදේශය සඳුදා (14) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඔහුට බාර දීමට සැලසුම් කර ඇති බවද පැවසීය.

දිනකට කිලෝමීටර් පනහක පමණ දුරක් පාපැදියෙන් ගමන් ගන්නා බවත් හැකියාවක් ඇත්නම් ඊට වඩා දුරක් ගමන් කරන බවත් ඇය පැවසුවාය.

මේ සඳහා ඇයගේ දෙමව්පියන් සහ සහෝදරයා ත්‍රීරෝද රථයකින් ඇයගේ ආරක්ෂාවට පිටුපසින් පැමිණෙන බව ඇය පැවසුවා.

මත් උවදුරට එරෙහිව පා පැදියෙන් කොළඹ එන දිරිය දියණිය
Werzuo Digital

Leave a Reply