ජාත්‍යන්තර මුහුදේ ගමන් කල නෞකාවක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ගාලු වරායට

ඉන්දියාවේ සිට වියට්නාමය බලා යාත්‍රාකරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවකයෙකු අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (15) මියගොස් ඇත.

වියට්නාමයට අයත් නෞකාවක සේවය කල මෙම පුද්ගලයාගේ මළ සිරුර අද (16) රාත්‍රියේ ගාලු වරායට රැගෙන පැමිණි බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වියට්නාම ජාතික නෞකා සේවකයෙකි.

ඔහුගේ මෘත දේහය  ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසුව මරණ පරීක්ෂණයක් සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply