දුර්ලභ සංචාරක මුහුදු පක්ෂියෙකුගේ දිවි බේරයි

සංචාරක මුහුදු පක්ෂියෙකු ඉකුත්දා හික්කඩුව සංචාරක වෙරළ තීරයේ පියාඹා යෑමට නොහැකිව පාද අප්‍රාණික තත්වයේ සිටියදී හික්කඩුව වනජීවී නිලධාරීන්ට හමුව බේරාගෙන තිබේ.

නැගෙනහිර අප්‍රිකාවේ සිට බටහිර ඉන්දියන් සාගරයේ නිවර්තන කලාපවල දක්නට ලැබෙන නිවර්තන ඉන්දියානු සහ පැසිෆික් සාගරය වාසභූමි කරගත් නිවර්තන දියලවකයා (tropical shearwater) නමින් හැඳින්වෙන බවද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවේ මෙම පක්ෂියා නිරීක්ෂණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පක්ෂියා ලංකාවේ බිත්තර නොදමන අතර බිත්තර දමන්නේ සීෂෙල්ස්, කසින් වැනි දූපත්වල බවට හඳුනාගෙන තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි

හික්කඩුව වනජීවී උද්‍යාන නිලධාරීන් විසින් පාද අප්‍රාණික තත්වයේ සිටි මෙම පක්ෂියා බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

Werzuo Digital

Leave a Reply