වැලිගම පෞද්ගලික කාන්තා පාසලක ගින්නක්

වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක අද (29) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.

එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත.

පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබු බව පොලිසිය පවසයි. එහිදී සිසුවියන්ගේ නේවාසිකාගාරයට බරපතල හානි සිදුව තිබුණි.

මාතර ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් සමගින් වැලිගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply