වැස්ස වැඩිවෙයි – පළාත් කිහිපයක මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

හෙට (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම,  සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එහි සදහන්ය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

ඒ අනුව හෙට (11) දහවල් 12:11 ට බත්තලන්ගුන්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවති.

Werzuo Digital

Leave a Reply