ප්‍රබල අකුණු පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (27) පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදි ඇම්බර් වර්ණයෙන් යුතුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ඒ  අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

මේ හේතුවෙන් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply