ජංගල් බිච් වෙරළේ සිට අතුරුදහන් තරුණයෙකු සොයා මෙහෙයුම් 

උණවටුන රූමස්සල ජංගල් බිච් වෙරලේ ගලක් මත සිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු ඊයේ (18) රල පහරට හසුව ගසාගෙන යමින් සිටියදි අවට සිටි පිරිස් විසින් ගැහැණු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ වලහන්දුව විජයානන්ද මාවත පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙකු බවද පොලිසිය පවසයි.

අතුරුදහන්වු ළමයා සොයා කිමිදුම් කණ්ඩායම් කිහිපයක් සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතත් අද සවස් වන තුරුද ඔහු සොයා ගනිමට නොහැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply