පස්වැනි වර­ටත් රුසි­යාවේ ජන­පති පුටින් – ඡන්ද ප්‍රති­ශ­තය 87%ක්

රුසියානු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් 87.32%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබ­මින් ව්ලැදි­මිර් පුටින් පස්වැනි වර­ටත් එරට ජන­ප­ති­ධු­ර­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර, විරෝ­ධතා, ඡන්ද මධ්‍ය­ස්ථා­න­ව­ලට ගිනි තැබීම් සහ ඡන්ද  පෙට්ටි­ව­ලට තීන්ත පිර­වීම් වැනි කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා රැසක් මැද පසු­ගි­යදා දින තුනක් පුරා පැවැති රුසි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් වත්මන් ජන­පති පුටින්  විශිෂ්ට ජයක් අත්කර ගත් බවත්, දෙවැනි තැනට පත් වූ කොමි­යු­නිස්ට් පක්ෂයේ අපේ­ක්ෂ­කයා ලැබූ ඡන්ද ප්‍රති­ශ­තය 4.32ක් පම­ණක් බවත් එරට මැති­ව­රණ කොමි­සම් කාර්යා­ලයේ නිල වෙබ් අඩ­විය උපුටා දක්ව­මින් රුසි­යනු මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව 71 හැවි­රිදි ව්ලැදි­මිර් පුටින් වසර 2030 දක්වා රුසි­යාවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වනු ඇතැයි ද, වසර 2029 වන විට ඔහු රුසි­යාවේ  වැඩිම කාල­යක් ජනා­ධි­ප­ති­ධු­රය හෙබවූ පුද්ග­ලයා ලෙස ඉති­හා­ස­ගත වනු ඇතැයි ද එම වාර්තා වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මීට පෙර එරට හිටපු ජනා­ධි­පති ජෝසෙෆ්  ස්ටාලින් 1924 සිට 1953 දක්වා වසර 29ක කාල­යක් රුසි­යාවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස  කට­යුතු කර තිබිණි.

රුසි­යාවේ කේජීබී ඔත්තු සේවයේ හිටපු ප්‍රධා­නියා වන පුටින් 1999 වසරේ අග­භා­ග­යේදී එව­කට ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ බොරිස් යෙල්ට්සින් තන­තු­රෙන් ඉව­ත්වීම හේතු­වෙන් වැඩ­බ­ලන ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ  අතර, අන­තු­රුව 2000 වසරේ සිට 2008 දක්වා ධුර කාල දෙකක් සම්පූර්ණ කළේය.

එව­කට එරට ආණ්ඩු­ක්‍රම ව්‍යස්ථා­වට අනුව පිට පිට දෙව­තා­ව­කට වඩා ජනා­ධි­ප­ති­ධු­රයේ කට­යුතු කළ නොහැ­කි­වීම හේතු­වෙන් 2008 සිට 2012 දක්වා කාල­යේදී ජනා­ධි­පති දිමිත්‍රි  මෙද්වෙ­දෙව් යටතේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර, මේ දක්වා අඛ­ණ්ඩව රුසි­යාවේ  ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ලබන්නේ 2012 වසරේ සිටය.

2020 වස­රේදී රුසි­යාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පසු ඔහුට මෙවර ධුර­කා­ල­යට අම­ත­රව තවත් ධුර­කා­ල­යක් සඳහා ඉදි­රි­පත් වීමේ අව­ස්ථාව ලැබී ඇති අතර, ඔහු 2036 දක්වා රුසි­යාවේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ

Werzuo Digital

Leave a Reply