ගැබිනි කාන්තාවක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට

රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි අද (20) දහවල් නුවර සිට මාතර බලා ධාවන වු සිඝ්‍රගාමි දුම්රියට පැන ගැබිණි කාන්තාවක් සියදිවි නසාගෙන ඇතැයි රත්ගම පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස කැඳල පදිංචි 34 හැවිරිදි පාසල් ගුරුවරියකි.

ඇය දෙදරු මවක් වන අතර මියයන විටද ගැබිණියක්ව සිට ඇති බවත්, කෙසේ වෙතත් මෙයට හේතුව තවමත් අනාවරණය වි නොමැති බව ද පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.





(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply