අනතුරු ඇඟවිම් නොතකා ගාල්ලේ පාසල් ළමුන් එළිමහනේ පුහුණුවිම්වල

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී එය නොතකමින් ගාල්ලේ පාසල් කිහිපයක දරුවන් අද (14) ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර සිටි බව දෙමව්පියන් සහ ජනතාව පවසති.

කෙසේ වෙතත් පවතින දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බව ඔවුහු පවසති.

අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ (13) යළිත් ලිපියක් යොමුකර තිබුණත් එය නොසලකමින් කටයුතු කරන බව ඔවුහු පවසති.

දිස්ත්‍රික්ක කිහිපයකටම තවදුරටත් මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අවදානම් මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලත් එවා ගණනකට නොගෙන මෙලෙස පාසල් ළමුන් පුහුණුවීම්වල යොදවන විදුහල්පතිවරුන්ගේ ක්‍රියාකලාපයට දෙමව්පියන්ගේ මෙන්ම නගරයට පැමිණ සිටි ජනතාවගේ අප්‍රසාදය පලවිය.

මේ අතර හෙට (15) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය

වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසත් දැනුම් දී තිබේ.

හෙට (15) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සඳහන් වන්නේ,වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය.

මේ අතර වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසත් දැනුම් දී තිබේ.

Werzuo Digital

Leave a Reply