ඊශ්‍රායල කල වෙඩි තැබිමකින් ආහාර ලබා ගැනීමට සිටි පලස්තීනුවන් විශාල පිරිසක් මරුට

ගාසා නගරයට නිරිත දෙසින් ආහාර ආධාර බලාපොරොත්තුවෙන් සිටි සිය ගණනකට ඊශ්‍රායල හමුදා කල වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 750 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදා විසින් වටලන ලද ප්‍රදේශය පෙර නොවූ විරූ සාගින්න අර්බුදයකට මුහුණ දී සිටින බව එම වාර්තා සඳහන් කළේය. ආහාර සඳහා තිරිඟු පිටි ලබා ගැනීම සඳහා ගිය ජනතාවට වෙඩි තබා ඇති බව

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 104 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

මේ අතර පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය “සමූල ඝාතනයක්” බවත් පිළිකුල් ලෙස හෙළා දකින බව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ පවතින “ජන සංහාරක යුද්ධයේ” කොටසක් බවත් සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ එකම මාර්ගය ලෙස සටන් විරාමයක් ඇති කිරීමට හදිසි මැදිහත්වීමක් කරන ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තා සඳහන් කරන අතර මේ වන විට ගසා තිරි ඉතා ඛේදජනක තත්වයක් නිර්මාණය වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply