ඇෆ්ගනිස්තානයේ Hindu Kush කලාපයේ අද (11) දහවල් ප්‍රබල භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ ඒකක 6.4 ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව ඇමරිකානු භූ විද්‍යා හා සමීක්ෂණ ආයතනය පැවසීය.
පොළවේ සිට කිලෝමීටර 201 ගැඹුරින් මෙම ප්‍රබල කම්පනය සිදුව ඇති අතර පසු කම්පන ද සිදුවී ඇති බව එම වාර්තා සඳහන් කළේය.
මේ අතර මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ ඒකක 6.2 ලෙස සටහන් වී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පැවසීය.
මෙම භුචලනය පාකිස්ථානය, ටජිකිස්ථානය, උස්බෙකිස්තානය සහ ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු උතුරු කොටසට දැනි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
මෙම භූමිකම්පාවෙන් සිදුවු හානි පිළිබඳ තවමත් වාර්තා ලැබී නොමැති අතර ඉන් විශාල බලපෑමක් සිදු වී ඇති බවට විශ්වාස කළ හැකි බව ඇෆ්ගන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය