උමඟක සිරවුණු ඉන්දීයානු කම්කරුවන් සියලුම දෙනා බේරාගනි

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 බේරා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය..

ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක් විදීමෙන් මෙම කම්කරුවන් බේරාගෙන තිබේ.

එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගෙන තිබේ

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේ සිදුකර තිබේ.

බේරා ගන්නා ලද පිරිස ගිලන්රථසහ හෙලිකොප්ටර් මගින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු රෝහලට යොමු කර තිබේ.

Werzuo Digital

Leave a Reply