ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.7 ක තවත් ප්‍රබල භූමිකම්පාවක් මීට සුළු වේලාවකට පමණ පෙර සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

මෙම භූමිකම්පාව මුහුදේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුවී ඇති බවද එම ආයතනය පැවසීය.

මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ලෙස සටහන් වී ඇති බව ඉන්දුනීසියානු භූවිද්‍යා අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මෙම භූමිකම්පාවෙන් ඕස්ට්‍රේලියාව අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු භූ විද්‍යා කාර්යංශය පැවසීය

කෙසේ වෙතත් මෙම භූමිකම්පාවෙන් සිදු වූ හානි පිළිබඳව වාර්තා ලැබී නොමැත

අද (08) පෙරවරුවේද බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.7 සහ 7.1 ප්‍රබල භූ චලන දෙකක් සමග අතුරු කම්පන කිහිපයක් සිදුව තිබුණි.

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 7.0ක ප්‍රබල භූමිකම්පාවක්

Werzuo Digital

Leave a Reply