මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දැනුම් දි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල ගුවන් හමුදාව දිගට හරහට ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් මරණයට පත් වුණු පලස්තීන වැසියන් ගණන 9,000 සීමාව ඉක්මවා යද්දී ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ
මේ වනතුරු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේත්, ඇමෙරිකාවේත් ස්ථාවරය වූයේ ගාසා හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බවය.
ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ‘මා හිතන්නේ දැන් ඇති. ප්‍රහාර තාවකාලිකව හෝ නැවැත්වීම කළ යුතුයි’ යැයි බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ,
ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නවත්වා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් සහ විදේශිකයන් නිදහස් කර ගැනීම කළ යුතු යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය