ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
එම භූකම්පනය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3ක් ලෙස සඳහන් වී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.
ඉකුත් සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය.
එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.
ඇෆ්ගනිස්තානයේ පසුගිය ජුනි මාසයේ සිදුවූ භූකම්පනයකින් ද පුද්ගලයින් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඇෆ්ගනිස්තානයේ බිහිසුණු භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි