මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වෛරසයයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.
ඉන් එකක්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබූ EG.5 – Eris උප ප්‍රභේදයයි. අනෙක් උප ප්‍රභේදය BA.2.86 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.
BA.2.86 උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවෙන්, ඩෙන්මාර්කයෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී තිබේ.
ඇමෙරිකාවේ EG.5 – Eris උප ප්‍රභේදය ද ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
ගෝලීය වශයෙන් සිදුවුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරසයේ සැර බාල විය. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ උප ප්‍රභේදයයි.