විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව එහි සදහන්ය.
මෙම හෙලිකොප්ටර් යානය මෙක්සිකානු ජාතිකයින් පිරිසක් රැගෙන කත්මණ්ඩු වෙත පියාසර කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.
අදාළ හෙලිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේ දී අතුරුදන් වූ බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යානය ගුවන්ගතව සුළු වේලාවකට පසුව අදාළ යානය අතුරුදන් වූ බවට වාර්තාවීමත් සමඟ යානය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.
එහිදී එම යානයේ සුන්බුන් සහ මගීන්ගේ මළ සිරුරු හමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
එරට බලධාරීන් සැකපළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීමට හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටය.