ලොව හොඳම ගුවන් සේවය නවසීලන්තයේ

ආරක්ෂාව සහ තවත් සාධක රැසක් මුල් කරමින් ලෝක ප්‍රකට එයාර්ලයින් රේටිං වෙබ් අඩවිය විසින් සිදු කරනු ලබන ගුවන් සේවා සමීක්ෂණයට අනුව ලොව හොඳම ගුවන් සේවය ලෙස නවසීලන්ත ගුවන් සමාගම පෙරමුණ ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දශකයකට වැඩි කාලයක සිට එම වෙබ් අඩවිය එම ලැයිස්තුගත කිරීම සිදු කරන අතර, ආරක්ෂාව, මගීන්ගේ විවේචන, මගීන්ට සපයන පහසුකම් ඇතුළු කරුණු ගණනාවක් අධ්‍යයනය කරමින් මේ තෝරා ගැනීම සිදු කෙරේ.

එයාර්ලයින් රේටිං අනුව වසර 2013 සිට මේ දක්වා නවසීලන්ත ගුවන් සේවය ලොව හොඳම ගුවන් සේවය ලෙස පෙරමුණ ගෙන ඇත්තේ 7 වැනි වරටය.

එම ලැයිස්තුවට අනුව කටාර් ගුවන් සේවයට දෙවැනි ස්ථානය ලැබී ඇති අතර, අබුඩාබි නුවර කේන්ද්‍ර කරගත් ඉතිහාඩ් ගුවන් සේවය තුන්වැනි තැනට පත් වී තිබේ. කොරියානු ගුවන් සේවය සිවුවැනි තැනටත්, සිංගප්පූරු ගුවන් සේවය පස්වැනි තැනටත් පත්ව ඇත. එමිරේට්ස් ගුවන් සේවය එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්ව ඇති අතර, බ්‍රිතාන්‍ය ගුවන් සේවයට 17 වැනි ස්ථානය හිමි වී තිබේ.

Werzuo Digital

Leave a Reply