වී වගාව තුළ ගොඩවෙල්ලා හානිය වළක්වා ගැනීමට උපදෙස්

වී වගාව තුළ ගොඩවෙල්ලා හෙවත් Spodoptera දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දළඹු හානිය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාවට උපදෙස් රැසක් ලබා දී තිබේ.

ඒ අනුව දළඹු හානිය ඇති ලියැදිවලට හැකි නම් හොඳින් පිරි ඉතීරී යන තරමට ජලය පිරවීම, පක්ෂින්ට වැසිය හැකි ස්ථාන පිහිටුවීම, දළඹුවන්  අතින් ඇහිඳ විනාශ කළ හැකි මට්ටමේ පවතී නම් එසේ විනාශ කිරීම, කුඹුරුවල ඇති වල්පැළ විනාශ කිරීම,  කුඹුරේ වැටි හා නියර වල්පැළ ඇත්නම් ඒවා ඉවත් කර පිරිසිදුව තබා ගැනීම වැනි ක්‍රමවේද ගැන දැනුම් දී ඇත. 

එසේම මෙම දළඹු හානිය රසායනික ක්‍රම මගින් පාලනය කිරීමට අනුව අඩු විසක් සහිත පරිසරයට හානි නොවන රසායනික ද්‍රව්‍ය ලෙස සැළකෙන රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම සම්බන්ධයෙන් ද දැනුවත් කර තිබේ. 

මෙම උපදෙස් පිළිපැදීම මගින් ගොඩවෙල්ලාගෙන් සිදුවන හානි වළක්වා ගත හැකි අතර සෑම විටම ප්‍රදේශයේ කෘෂිකර්ම ව්‍යාප්ත කටයුතු භාරව කටයුතු කරන නිලධාරියාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම දළඹු හානිය වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් වන අතර ඒ සඳහා සියලු ගොවිජනතාවගේ ක්‍රියාකාරි සහයෝගය අවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Werzuo Digital

Leave a Reply