ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු නෞකාවකින් අද (01) අලුයම විදෙස් ජාතිකයෙකු මුහුදට වැටීමෙන් පසු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කළ ලිතුවේනියානු ජාතිකයෙකි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 29 වනදා අබුඩාබි රාජ්‍යයට අයත් මෙම නෞකාව ගාල්ල වරාය වෙත පැමිණ නැංගුරම්ලා තිබේ.
මළසිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එරට තනාපති කාර්යාලය දැනුවත් කර ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරාය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.