අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත් අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව 76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු හිටිපු ජනාධිපතිවරයා ලෙස සැලකේ
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති මුල්‍ය අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා සඳහන් කළේය
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් අධිකරණයේ විභාග වන නඩුවේදි තමාට එල්ලවි ඇති මෙම සාපරාධී අපරාධ චෝදනා 34 නිවැරදිකරු ප්‍රකාශ කර තිබේ.
2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ.
