පැනමාවේ ප්‍රබල භුමිකම්පාවක්

උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි පැනමාවේ දකුණු දිග වෙරළට ඔබ්බෙන් වන Boca Chica ප්‍රදේශයට ආසන්න මුහුදේ ප්‍රබල භු චලනයක් හටගෙන තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය පවසයි

එය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ලෙස සටහන්ව ඇති බවත් භූමිකම්පාව එරට වේලාවෙන් 4:18ට (20:18 UTC) පොළවේ සිට කිලෝමීටර් 19 ගැඹුරින් ඇති වූ බවත් එහි අපකේන්ද්‍රය Boca Chica සිට සැතපුම් 44 (කිලෝමීටර් 71) පමණ දකුණින් පිහිටි බවත් එම ආයතනය පැවසීය.

පැනමා සිවිල් ආරක්ෂක කාර්යාලය පැවසුවේ අලාභ හානි පිළිබඳ වාර්තා ලැබි නොමැති බවත් නමුත් මෙම භූමිකම්පාව ආසන්නයේ පිහිටි කෝස්ටාරිකා සහ කොයිබා දූපත දැනුණු බවත් භුචලනයෙන් පසු ජනතාව ආරක්ෂාව පතා වීදිවලට බැස සිටි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම භුචලනයෙන් පසු කලාපයට සුනාමි අවදානමක් කැමති බව ද නිවේදනය කළේය.

Werzuo Digital

Leave a Reply