දකුණු ඇමරිකානු චිලී රාජ්‍යයේ මවුලේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) පවසයි.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 15 ක් (සැතපුම් 9.32) ගැඹුරින් ඇති වූ බවද එම මධ්‍යස්ථානය පැවසීය
මෙම භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් නිල වාර්තා කිසිවක් ලැබී නොමැති අතර භූමිකම්පාව සිදු වූ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තාවේ.