හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද (30) සවස මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෝරුවදණ්ඩ සහ මුණගම පදිංචි 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
යතුරුපැදිය සහ මෝටර් රථය එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා තිබේ.
යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි සඳහන් පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල ඉඩමකට වැටී ඇති බව වාර්තාවේ.
මෝටර් රථය මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් සිට ඇති අතර වංගුවක් සහිත ස්ථානයක දී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ
තුවාලකරුවන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ
