දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තුවාළ ලැබූ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.
අනතුරින් මෙලෙස තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු සහ 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පසුපස වෑන් රථය ගැටී තිබේ.
.