පිළිකාව සුව කරන සාර්ථක ප්‍රතිකාරයක් බ්‍රිතාන්‍යය සොයාගනි

නව යොවුන් වියේ ගැහණු ළමයෙකුගේ සුව කළ නොහැකි පිළිකාවක් නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“base editing” නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට Great Ormond Street රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේදී ඇය T සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක, නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර මෙය පිළිකා රෝගයට එරෙහිව වෛද්‍ය තාක්ෂණයේ නව සන්ධිස්ථානයක් බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය

Werzuo Digital

Leave a Reply