කුවේටය විවිධ අපරාධවලට සම්බන්ධ 07 දෙනෙකු එල්ලා මරයි

කුවේට් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිමැරුම් ඇතුළු අපරාධ වලට සම්බන්ධව වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙන බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය

ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බව එම වාර්තා සදහන් කළේය.

මරණ දඩුවම නියමවී තිබූ ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින් ද අභියාචනා ඉදිරිපත් කර තිබුණද එයද ප්‍රතික්ෂේප කරමින් මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

ක්ෂමා සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු මානව හිමිකම් සංවිධාන ඇතුළු රටවල් කිහිපයක් මෙම සිද්ධිය හෙලාදැක තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply