දකුණු කොරියාවේ තෙරපුමෙන් 151 මරුට – ශ්‍රි ලාංකිකයෙකු සිටින බවට වාර්තා

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් එක් ශ්‍රි ලාංකීයයෙකු ද සිටින බව වාර්තාවේ.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 150 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

මෙම අනතුරින් මියගිය පුද්ගලයින් අතර විදේශිකයින් 19 දෙනෙකු ද සිටින අතර තවත් විදේශිකයින් 15 දෙනෙකු තුවාල ලැබූ පුද්ගලයින් අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ.

පෙර පුවත සදහා

Werzuo Digital

Leave a Reply