දකුණු කොරියාවේ හැලෝවීන් සැමරුම අතරතුර තෙරපුමෙන් 59ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපුමකින් 59 දෙනකු මියගොස් 150 දෙනෙකුට වැඩි පිරිසකට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධ තත්ත්වයන්ට ලක්ව රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම තෙරපීම හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද එම වාර්තා සඳහන් කළේය

සෝල් අගනුවර හෝටලය අසල පටු මංතීරුවක විශාල පිරිසක් ඉදිරියට යාමට පටන් ගැනීමත් සමග මෙම තෙරපීම හටගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ

එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම පිරිසට හුස්ම ගැනීමේ අපහසුවක්  ඇති වී තිබෙන බවත් එම වාර්තා සඳහන් කළේ ය

එහිදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සහන සේවකයන් විසින් හුස්ම ගැනීමේ අපහසුව වූ 81 දෙනෙකුට හදිසි ප්‍රතිකාර ලබාදී අනෙක් අයට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

ඒ සඳහා වාහන 140 ක ට අධික සංඛ්‍යාවක් සමග සහන සේවක 400 වැඩි පිරිසක් සහභාගි වී තිබේ.

Werzuo Digital

One thought on “දකුණු කොරියාවේ හැලෝවීන් සැමරුම අතරතුර තෙරපුමෙන් 59ක් මරුට

Leave a Reply