තමිල්නාඩු දැරියක් සිය ඉතුරුම් මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරයි

ඉන්දියාවේ, තමිල්නාඩුවේ රාමනාතපුරම්හි දැරියක් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් 4,400 ක (රුපියල් 20,295) මුදලක් පරිත්‍යාග කර ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් ශ්‍රී ලංකාවට සහය වීම පිණිස පිහිටුවනු ලැබූ අරමුදලට මෙම මුදල පරිත්‍යාග කර ඇත.

මෙම දැරිය සිය මව සමඟ පැමිණ ඉතිරි කර තිබූ මුදල් කැටය එම දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකාව වෙනුවෙන් වූ අරමුදල භාර නිලධාරිවරයාට බාර දී තිබේ

ආර්ථික අර්බුද හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත්ව සිටින බැවින් තම ඉතුරුම් මුදල පරිත්‍යාග කිරීමට තීරණය කළ බව දැරිය පැවසුවාය.

ඇයගේ මෙම ක්‍රියාව අගය කරමින්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ..

මෙම පුවතට ඉන්දීය මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබේ

Werzuo Digital

Leave a Reply