ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්දියාව ඉන්ධන මිල ඉහළ නංවයි

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්දියාව අද (22) සිය පෙට්‍රල්, ඩීසල්, සග එල්.පී ගෑස් මිල ඉහළ නංවා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන අතර, දැන් ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි නවතම යාවත්කාලීන කිරීම බවත් පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට මෙලෙස ගෑස් මිල ද වැඩි කර ඇති බවත් එම වාර්තා සදහන් කලේය.

ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළ නැංවන ප්‍රමාණය ප්‍රාන්ත අනුව සුළු වශයෙන් වෙනස් වන අතර, ඉන්දීය අගනුවර දිල්ලියේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ ශත 80 බැගින් වන අතර ඒ අනුව, පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 96යි ශත 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල සඳහන් වන්නේ ඉන්දීය රුපියල් 86යි ශත 60ක් ලෙසයි. එල්.පී ගෑස් මිල රුපියල් 50කින් ඉහළ දමා තිබේ.

Werzuo Digital

Leave a Reply