යුරෝපය අප තනි කලා – යුක්‍රේන ජනාධිපති හැඟුම්බර වෙයි

බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

නේටෝ සංවිධානය රුසියාවට බියවී යුක්‍රේනයේ කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව ඔහු පවසා ඇති බව එම වාර්තා සදහන් කලේය.

රුසියන් ආක‍්‍රමණය නතර කර  ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්ඡා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද (25) ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

“මම නේටෝ සංවිධානයේ රටවල්වලින්  කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට  කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා. අවසානයේ අප තනි කලා”

“කවුද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” යනුවෙන් ජනාධිපතිවරයා හැඟීම්බරව ප්‍රකාශ කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.

Werzuo Digital

Leave a Reply