බුර්කිනා ෆාසෝ ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මරුට (VIDEO)

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි (Burkina Faso) ගම්මානයකට ඉකුත් 24 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 400 ඉක්මවූ පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

බුර්කිනා ෆාසෝ හි වගාඩුගෝ අගනුවර ආසන්නයේ පිහිටි ගම්මානයකට එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ද සිය ගණනක් මියගොස් ඇති බව එම වාර්තා සඳහන් කළේය.

එරට හමුදා ජුන්ටාව මරණ ගණන නිල වශයෙන් තහවුරු කර නැතත් වින්දිතයින්ගේ ඥාතීන්ගේ සාක්ෂි අනුව ඝාතනය වී ඇති පිරිස 400 ඉක්මවන බව අනාවරණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කලේය.

මෙලෙස ඝාතනයවී ඇත්තේ හමුදාවේ අණ පරිදි ආරක්ෂිත භූගත අගල් කණිමින් සිටි පිරිසකි. එම ස්ථානයට කඩාවැදුනු ත්‍රස්තවාදීන් පිරිසට දිගට හරහට වෙඩි තබා තිබේ.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිවිල් වැසියන් ඉලක්ක කළ බවට වන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වුවද එරට හමුදා ජුන්ටාව පවසන්නේ, සිවිල් වැසියන්ද මෙම මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් වී ඇති බවය.

Werzuo Digital

Leave a Reply