Galle Times වෙබ් අඩවිය එළි දකි

දකුණු පළාත ප්‍රමුඛ කරගත් ශ්‍රි ලංකාවේ වැදගත් පුවත් හා තොරතුරු, විදෙස් පුවත් ඇතුලත් Galle Times ෆේස්බුක් පිටුවට ශක්තියක් වෙමින් පාඪක සහෘද ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීම වෙනුවෙන් නිර්මාණය කල  Galle Times වෙබ් අඩවිය පරික්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කල බව හිතවත් ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු..

ජනමාධ්‍ය කලාව සනාථ කළ හැකි කරුණු මත පදනම් වූ කථා නිපදවයි. මුලාශ්‍රගත සාක්ෂි මගින් එයට සහාය දක්වයි, නිවැරදිව විකාශනය කරයි. ප්‍රවෘත්ති පිළිබඳ මෙම නිර්වචනය නූතන ප්‍රජාතන්ත්‍රවාදී, ජනමාධ්‍ය කලාවේ දී භාවිතා කරන ආදර්ශ පාඨයකි..

එය නිසි ලෙස වටහා ගැනීම මෙන් ම එහි අරුත ඔස්සේ ක්‍රියාත්මකවීම ජනමාධ්‍ය කලාව තුළ මෙන් ම සමාජ අභ්‍යන්තරයේ ද ව්‍යාජ පුවත් සඳහා අනවශ්‍ය ඉඩකඩක් ලබා දීමේ ඉඩ කඩ අහිමි කරන්නට දායක වනු ඇත..

Galle Times වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව ඉහත කී ජනමාධ්‍ය අචාරධර්ම පිළිපදිමින් පුද්ගලික චරිතවලට හානි නොකරමින් මූලිකවම මනුෂ්‍යත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැදගත් වු පුවත් බලධාරීන්ගෙන්, සත්‍ය මුලාශ්‍රවලින් සහ ජනමාධ්‍ය වෘත්තියේ නිරත විශ්වාසවන්ත පුද්ගලයන්ගෙන් උපුටා ගනිමින් තහවුරු කිරිමෙන් පසු පරික්ෂණ මට්ටමේ පවතින මෙම වෙබ් පිටුවේ පළකරනු ලැබේ…

තවද ඔබේ රසවින්දනය වෙනුවෙන් විශේෂාංග, තීරු ලිපි, අධ්‍යාපනික සහ සෞන්දර්යාත්මක ලිපිද මෙහි පළ කිරිමට බලාපොරොත්තු වන්නෙමු..

කිසිම පුද්ගලයෙකුට හෝ පුද්ගලික චරිතවලට කිසිදු අයුරකින් හානි වන පුවත්, සිදුවිම්, ව්‍යාජ පුවත් හෝ ජනතාව කුපිත කරවන කිසිදු පුවතක් මෙම පිටුවෙහි පල නොකරන බවද අවධාරණය කරන්නෙමු.

දැනට පරික්ෂණ මට්ටමේ පවතින අප වෙබ් අඩවිය සමග රැදි සිටින ලෙස ඔබට ආරාධනා කරමින් ඔබගේ වටිනා අදහස්, යෝජනා, විවේචන අප වෙත යොමුකරන ලෙස ද ඉල්ලා සිටින්නෙමු.

“ඔබේ විශ්වාසය අපේ ශක්තියයි”

ඔබ සැමට ස්තුතියි 

Galle Times

3 thoughts on “Galle Times වෙබ් අඩවිය එළි දකි

Leave a Reply