ලොවටම අභිරහසක් ඉතිරි කළ MH 370 ගුවන් යානය

MH370 CoPilot – මේ MH370  සුභ උදෑසනක්! 

Air traffic control – MH370. සුදානම් වෙන්න… 

මේ Kuala Lumpur අන්තර්ජාතික ගුවන් තොටුපලනේ බෝයින්ග් 777 වර්ගයේ ගුවන් යානය පිටත් විමට සුදානම් වෙන ආකාරයයි.

Flight 370 යනු Kuala Lumpur, Malaysia සහ Beijing, China අතර ගමන් මාර්ගයේ දිනපතා මගින් රැගෙන යන්නා වූ ගුවන් යානාවකි.

Air traffic control – 370. ඔබට දැන් පිටත් විය හැකියි. සුභ ගමන් 

MH370 CoPilot – පිටත් වීමට සුදානම්. ස්තුති!

මධ්‍යම රාත්‍රිය පසු වී මිනිත්තු 42 කට පසුව flight 370 පිටත් වීමට අවසර ලැබුනී. මෙහි කාර්ය මණ්ඩලය ලෙස 12 දෙනෙක් සහ මගින් 227 ක් ද ඇතුලත්ව තිබුණි. ගුවන් ගතවී පැයක් යාමට පෙර ගුවන් යානය දකුණු චීන මුහුදට අඩි 35000 ක පමණ උඩින් ගමන් කරන්නට විය. මෙදින පැහැදිලි අහසක් සහ කාලගුණයද අයහපත් නොවූ දිනයක් ද විය. 

පසුව මෙම යානය වියට්නාම් ගුවන් කලාපයට ඇතුළු වූ පසු වියට්නාම හි ගුවන් පාලන මධ්‍යස්ථානයට සංඥා ලබා දෙන ලෙස උපදෙස් ලැබුණි. නැවතත් ගමන සදහා සුභ පැතුම් එක කරමින් සන්නිවේදනය අවසන් කරන අතර මේ සිදුවුයේ ඔවුන්ගේ අවසාන කතා බහ යැයි ඔවුන් කෙදිනකවත් නොසිතන්නට ඇත. මිනිත්තුවයි තත්පර 43 පසු වි ගුවන් පාලන මධ්‍යස්ථාන තුනෙහිම, එනම් Kuala Lumpur, Ho chi minh සහ Bangkok හි රේඩාර් තීරයන් තුලින් ගුවන් යානාව සම්පුර්ණයෙන්ම අතුරුදහන් විය.

නැවත නැවතත් ගුවන් යානය හා සම්බන්ධ වීමට උත්සහ කලද ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. 

ගුවන් යානය කිසිදු හෝඩුවාවක් නොතබමින් අතුරුදන්ව තිබුණි. Beijing වලට ලගා වීමට තිබු නියමිත කාලය පසුවු අතර තවමත් කිසුදු හෝඩුවාවක් නොමැති flight 370 අතුදහන්ව ඇති බව නිල වශයෙන් දැනුම් දෙන ලදී. 

මේ දැනුම් දීමෙන් අනතුරුව ගුවන් ගමන් ඉතිහාසය තුල විශාලතම අභිරහසක් සොයා මෙතෙක් සිදු කරන ලද වියදම් අධිකම සෙවීමේ මෙහෙයුම් කටයුත්ත ආරම්භ කරන ලදී. 

ගුවන් මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය 2014 වර්ෂයේ මාර්තු 08වන දින එලෙස අතුරුදහන් විය.

යානය හෝ එහි සිටි මඟීන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් සොයා මැලේසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ඇතුළු රටවල් රැසක් එක්ව වර්ග කිලෝමීටර් එක් ලක්ෂ විසි දහසක මුහුදු ප්‍රදේශයක සෝදිසි මෙහෙයුමක් සිදු කළේය. එම පරීක්ෂණ වලින්ද මෙම අතුරුදන්වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකි විය.

ලොව විශාලතම ගුවන් යානා අභිරහස ලොවට ඉතිරි කරමින් අදාළ ගුවන් යානයේ බවට සැක සිතිය හැකි කොටස් කිහිපයක් පමණක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් විය.

අතුරුදන් යානයේ සම්ප්‍රේශක ප්‍රතිචාරකය කිසියම් පුද්ගලයෙකු විසින් හිතාමතා විසන්ධි කර තිබේ බව පර්යේෂකයින්ගේ මතය වු අතර මෙම අතුරුදන්වීම පිටුපස අදාළ යානයේ නියමුවා සිටින බවට ඇතැම් වාර්තා පල වුවත් ඒ බව නිශ්චිතව තහවුරුවී නැත.

MH 370 යානය හෝ එහි ගමන්ගත් මගීන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අතුරුදන් ගුවන් යානය සොයා සිදුකල සෝදිසි මෙහෙයුම් 2018 වර්ෂයේදී  අවසන් කිරීමට මැලේසියාව තීරණය කළේය.

අදාළ යානයේ සිටි මගීන්ගේ ඥාතීන් තවමත් විශ්වාස කරන්නේ යානය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකි වනු ඇති බවය.එමෙන්ම සිය හිතමිතුරන් යළි තමා වෙත පැමිණේයැයි යන්න ඇතැමුන් තවමත් දැඩිව විශ්වාස කරන බව ද විදෙස් වාර්තා සදහන් කලේය.

මිනිසා අභ්‍යවකාශයද ජය ගමින් සිටින කාල වකවානුවක තාක්ෂණයේ ද ඉහළ දියුණුවක්ද පවතින අවස්ථාවක MH 370 ගුවන් යානය අතුරුදහන් වීම ලොවටම තවමත් නොවිසඳුණු  අභිරහසක්ම විය…

Werzuo Digital

Leave a Reply